නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 124ක් ලබාගනිමින් ජයග්‍රහණය කරන බවට තමන් ඔට්ටු අල්ලන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන පාර්ශ්වය නියෝජනය කරන නිමල් ලංසා මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ඉක්මනින්ම තමන්ට නිදහස හිමිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ දිනවල බොහෝදෙනාගේ අවධානය යොමුව තිබේ. අවස්ථා කිහිපයකදී රන්ජන් රාමනායක මහතා නිදහස් කරන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි නමුත් ඊට ඔහුගේ එකඟතාවය හිමි නොවීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා තනි මතයට අනුව ක්‍රියාකිරීමට යෑමෙන් පක්ෂය කොටස් කිහිපයකට කැඩී යා හැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසනවා.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නාමයෝජනා භාර ගැනීම අද සිදු වනවා. පාර්ලිමේන්තුවේ එවැනි නාමයෝජනා භාරගැනීමක් සිදු වන්නේ වසර 29 කට පසුවයි. මීට පෙර 1993 වසරේ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු එවකට වැඩ බලන ජනාධිපති ඩී බී විජේතුංග මහතා හිටපු ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සඳහා තේරී පත් වුණා. ඒ, ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකවයි.
ගෝල්ෆේස් අරගලයට ගොස් නිරුපද්‍රිතව පැමිණි එකම මන්ත්‍රිවරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. අරගලයේදී ඔහුට විරෝධයක් එල්ල නොවූයේ කුමාර් ගුණරත්නම් සමග ඔහුට තිබෙන පැරැණි සබඳතාවක් නිසා බව කියැවිණි. ඒ අතරේ තවත් කතාවක් පැතිර ගියේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා හමුදාව සමග එක් වී රට අල්ලන්න යන බවය. මේ එම කතාවලට ඔහු උත්තර දුන්නේ මෙසේය.
ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අද දින නාමයෝජනා භාරදීමට අපේක්ෂකයන් සිව් දෙනෙකු සූදානමින් සිටිනවා. ඉන් එක් අපේක්ෂකයෙක් වන්නේ වැඩබලන ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. රට මුහුණ දී ඇති අර්බුදවලට විසදුම් ලබාදිය හැක්කේ සිය ජනාධිපති අපේක්ෂකයාට බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ.
දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ සදාකාලික මිතුරන් හෝ නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
තමන් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු නව ජනාධිපතිවරයකු තෝරාපත් කරගැනීම පිණිස පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයකුට ඡන්ද ප්‍රකාශ නොකිරීමට තීරණය කර ඇති බව සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ විධායක සභාව ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළකිරීමට තීරණය කර ඇති බවක් මාධ්‍යවල පළ වී තිබුණ ද එවැනි තීරණයක් එම විධායක සභා රැස්වීමේදී නොගත් බවත් ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ සැමවිටම සිටින්නේ පක්ෂයේ තීරණය සමග බවත් එම තරුණ පෙරමුණේ සභාපති ඩී. වී. චානක මහතා පවසයි.
09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීම සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් වඩාත් සුදුසු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඔහුගේ දේශපාලන අත්දැකීම්, ජාත්‍යන්තර පිළිගැනීම වෙනත් කිසිදු අපේක්ෂකයෙකුට නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පුරප්පාඩුවී ඇති ජනාධිපති ධූරය සඳහා සුදුස්සෙකු පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී තමන් ඡන්දය භාවිත කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක පවසනවා. ඒ, එම පක්ෂය කිසිඳු අපේක්ෂකයෙකුට ඡන්දය භාවිත නොකිරීමටඑ තීරණය කර ඇති පසුබිමක් තුළයි.
තුනෙන් දෙකකට ආසන්න බලයක ලබාගෙන ආණ්ඩුව පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර තුනක් සම්පූර්ණවීමටත් පෙර ගෙදර යාමට සිදුවූයේ නිවැරදි තීරණ ගැනීමට අසමත් වීම නිසා සහ නිවැරදි තීරණ නිවැරදි වේලාවේදී ගැනීමට අසමත් වීම නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
Page 138 of 552