ලබන සතියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම තියුණු මුහුණුවරක් ගනු ඇති බවට වාර්තා පල වනවා. ඒ සඳහා ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර ඇති අපේක්ෂකයින් ජයග්‍රහණය කරවීම සඳහා එම අපේක්ෂකයින්ට සහය දක්වන පාර්ශව මේ වන විට මෙහෙයුම් අරඹා ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශ කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. විද්‍යුත් තැපෑල හරහා යොමු කර ඇති අදාළ ලිපිය කථානායකවරයා වෙත ඊයේ ලැබුණු බවයි කථානායක කාර්යාලය තහවුරු කළේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපාර්ශ්වය එකඟවන අයෙකු අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් යෝජනා කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබිණි.
සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැතිවරයා හෙට දහවල් 10 ට කලින් නම් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
ස්ථාවර ආණ්ඩුවක් නුදුරේදීම ඇති නොවුන හොත් රට වසා දැමීමකට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ අනතුරු අඟවා ඇති බව BBC ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කරන සෞදි එයාර් ගුවන් සේවයට අයත් SV-788 ගුවන් යානය සිංගප්පුරුවේ, Changi ගුවන් තොටුපොළට මිට සුළු මොහොතකට පෙර ගොඩ බස්සනු ලැබ තිබෙනවා.
The Sri Lanka Podujana Peramuna (SLPP) has decided to extend support to Interim President Ranil Wickremesinghe in the Parliamentary vote on July 20, which will elect a new President.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
Field Marshal Sarath Fonseka today said that he is ready to accept presidency if the majority members in Parliament elect him to the post.
මහ මැතිවරණයක් පවත්වන තුරු තාවකාලික ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුදුසු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන්නේ විපක්ෂ නායකයා විකල්ප ආණ්ඩුව ලෙස සලකන බැවින් ඔහුට ඒ අවස්ථාව හිමිවිය යුතු බවයි.
සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිධූරය සඳහා සිය පක්ෂවලින් නම් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපති ධූරය සඳහා එලෙස පක්ෂවලින් නම් ඉදිරිපත් කර ඇති පසුබිමක් තුළ නව ජනාධිපතිවරයා පත් කර ගැනීම යම් ගැටළු සහගත තත්ත්වයක පවතින්නේ නම් සිය පක්ෂයෙන් ද ජනාධිපතිධූරය සඳහා නමක් යෝජනා කරන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ.
Parliament will not meet tomorrow (15) as scheduled, Communications Department of Parliament said.
Page 138 of 551