ජනපති රුවන්ට දුන් විශේෂ තනතුර
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කර ඇත.
කාබනික විමෝචනය සහ හරිතාගාර ආචරණය වළක්වා ගැනීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, හරිත ආර්ථිකයක් ගොඩනැගීම වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති රැසක් වෙනුවෙන් උපදෙස් හා සහයෝගය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදු කර ඇත.
2016 වසරේ ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට අත්සන් තබා ඇත. මේ වන විට ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දේශගුණික විපර්යාස මගින් මිහිතලයට වන හානි වලක්වා ගැනීම වෙනුවෙන් යොමුව තිබේ.
Aruna