Saturday, January 03, 2026
Follow Us
පස්සේ දොරෙන් ආවත් රනිල්ට නිවැරදි වෙන්න තිබුණ අවස්ථාව නැති කරගත්තා – ඩිලාන්

පස්සේ දොරෙන් බලයට ආවත් රනිල් වික්‍රමසිංහ මහතාට නිවැරදි වීමට තිබුණ අවස්ථාව නැති කරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

ඒ, (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

අරගලයේ සිටි පිරිස ඉල්ලා සිටියේ බටලන්ද මොඩලයේ සිස්ටම් චේන්ජ් එකක් නොවන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

හදිසි නීතිය සම්මත නොකර අරගලය විසින් ඉල්ලා සිටි සර්ව පාක්ෂික ආණ්ඩුව සෑදීමට වික්‍රමසිංහ මහතාට ඉඩ තිබුණු බව ඔහු සඳහන් කරන ලදී.

LNW