Saturday, January 03, 2026
Follow Us
සභානායක ධූරය ඇමති සුසිල්ට හිමිවන ලකුණු

පාර්ලිමේන්තුවේ නව සභා නායකවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අලුතෙන් පත්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ සභා නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූර පුරප්පාඩු වී තිබෙනවා. ඒ අනුව, එම ධූරයන් සඳහා නැවත පත්කිරීම් සිදු කළ යුතුයි.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ දිනේෂ් ගුණවර්ධන මහතා මීට පෙර සභා නායකවරයා ලෙස කටයුතු කළා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේ අමාත්‍ය ප්‍රසන්න රණතුංගයි.

මේ අතර හෙට දිනයේදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කර ගෙන යාම සඳහා සභා නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූර සඳහා පත් කිරීම් සිදු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වනවා.

මේ අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මුදල් අමාත්‍යංශ නව ගොඩනැගිල්ලේ ශ්‍රවනාගාරයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

Neth