Saturday, January 03, 2026
Follow Us
රනිල්ගේ තැනට වජිර අද එයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වෙනවා. මහජන ආරක්ෂක පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය විවාද කර අද පාර්ලිමේන්තුවේදී අනුමත කර ගැනීමට නියමිතයි.

ඉකුත් ජූලි මස 17 වනදා 2288රැ30 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් එවකට වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා විසින් හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළා. ඒ අනුව එම හදිසි අවස්ථා ප්‍රකාශනය සඳහා දින 14 ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොගතහොත් එය අවලංගුවී යනවා.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මහජන ආරක්ෂක ආඥා පනතේ ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව එම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයේ දිවුරුම්දීම හේතුවෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ඔහු එලෙස දිවුරුම් දෙනු ඇති.

Neth