Saturday, January 03, 2026
Follow Us
ජවිපෙ නායක අනුර මෙරට ඉන්දියානු මහ කොමසාරිස් හමුවෙයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26) මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාව හමුවී තිබේ.

ඒ, කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී ය.

මෙහිදී රටේ ආර්ථික තත්වය සහ දෙපාර්ශවය අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධව සාකච්ඡා පැවැත්වුණු බවයි අනුර කුමාර මහතා පවසන්නේ.

මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයාත් සහභාගි වී තිබිණි.

LNW