Saturday, January 03, 2026
Follow Us
ධම්මිකගේ ඇමති ධුරය වජිරට

වජිර ගැන ජනාධිපති ගත් තීරණය


එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

මීට පෙර ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධම්මික පෙරේරාය. ඔහු සිය මන්ත්‍රි ධුරයෙන්ද ඉවත් වන බව පසුගියදා ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වන්නේද වජිර අබේවර්ධන මහතාය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස හෙට(27) පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දීමටද නියමිතය.

සර්ව පාක්ෂික ආණ්ඩුව බිහිකිරීමෙන් පසු ඔහු අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට සැලසුම් කර ඇත.

Aruna