Friday, January 02, 2026
Follow Us
මෛත්‍රි හිටපු ගෙදර අලුත් ජනපතිට

ජනපතිට නිවසක් දෙන්න ආණ්ඩුව ගත් තීරණය


හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවස නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස අරගලකරුවන් විසින් ගිනි තැබීමෙන් පසු ඔහු මේ වන විට ආරක්ෂිත ස්ථානයක පදිංචිව සිටියි.

ජනාධිපති මන්දිරය හා අරලියගහ මන්දිරය අරගලකරුවන් විසින් විනාශ කර තිබීම සහ නීතිමය කටයුතු සිදුවීම හේතුවෙන් එහි පදිංචිවීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාට හැකියාවක් නොමැත.

එම නිසා ජනාධිපතිවරයාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පදිංචිව සිටි නිවස ලබා දීමට තීරණය කර ඇත. මීට මාස දෙකකට පමණ පෙර අධිකරණ නියෝගයක් මගින් හිටපු ජනාධිපතිවරයා එම නිවෙසින් ඉවත් කෙරිණි.

Aruna