Saturday, January 03, 2026
Follow Us
හිටපු මහ බැංකු අධිපතිට එරෙහිව පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ඔක්තෝබර් මස 26 වනදා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉදිරියේ කැදවනු ලැබු අවස්ථාවේදී මෙම නියෝගය කළා.

අනතුරුව මෙම පැමිණිල්ල ඔක්තෝබර් මස 26 වනදා කැඳවීමට නියම වුණා.

2006 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ප්‍රවර්ධනය කිරීමට යැයි සඳහන් කරමින් ඇමරිකානු ජාතික ඉමාඩ් සුබේරි යන අයට ගෙවීම තුළින් රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීම ඇතුළු චෝදනා මත කබ්රාල්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා

Neth