Friday, January 02, 2026
Follow Us
නාමල් සහ ජොනී නැවතත් කැබිනට් මණ්ඩලයට ??

නව කැබිනට් මණ්ඩලයට හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ මහතා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද ඇතුළත් කිරීමට යෝජනා වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා තරුණ කටයුතු අමාත්‍ය ධුරයටත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍ය ධුරයටත් යෝජනා වී ඇති බව සඳහන්.

කෙසේවෙතත් මේවා අවසන් මොහොතේදී වෙනස් වීමට ද ඉඩ ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

නව අමාත්‍ය මණ්ඩලය සඳහා නම් ලැයිස්තුව මේ වනවිට සකස් කෙරෙමින් පවතින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 25 දෙනෙකුට පමණ අමාත්‍ය ධුර හිමිවනු ඇති බවත් වාර්තා විය.

LNW