Friday, January 02, 2026
Follow Us
අපේ අපේක්ෂකයා පැරදුනා මහින්ද කියයි

අපි ඉදිරිපත් කලේ ඩලස්ව


අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී තම පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා පරාජයට පත්වූ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අද (20) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ඉන් පිටවයන අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

“අපි ඉදිරිපත් කළා ඩලස් ව. අපි ඡන්දය දුන්නා. පැරදුනා ඉතින්. කවුරු හරි දිනන්න එපැයි.”

“ඡන්ද වැඩියෙන් හම්බුණා.. එයා ජනාධිපති වුණා. ඒක තමයි වුණේ. ඉදිරියේදී මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා. කොයි ආණ්ඩුව වුණත් රටේ ජනතාවට වැඩකරන්න ඕනේ.”

“එක එක මත තිබෙනවා නේ. කට්ටියක් කියන්නේ මේක නෙමෙයි ජනමතය කියලා. අපි කියන්නේ මේක තමයි ජනමතය කියලා.”

“දැන් ඉතින් අරගලය කරා ඇති කියලයි මං හිතන්නේ. ගාලු මුවදොර අරගලය කරන තරුණයින් දැන් තේරුම් ගන්න ඕනේ. එළියට ගිහිල්ලා වැඩ කරන්න.”

මාධ්‍යවේදියෙක් – ඔබතුමා ඡන්දය ප්‍රකාශ කළෙත් රනිල් වික්‍රමසිංහ මහතාට ද?

මහින්ද රාජපක්ෂ – “නෑ.. එහෙමත් නැහැ.”
මාධ්‍යවේදියෙක් – ඉදිරියේ ආණ්ඩුවක් පිහිටුවන්න ඔබතුමාගේ පාර්ශ්වයෙන් මැදිහත්වීමක් වෙනවා ද?

මහින්ද රාජපක්ෂ – “අපි එහෙම තාම තීන්දුවක් අරගෙන නැහැ. පක්ෂය ගන්න ඕනෑම තීන්දුවකට මම එකඟයි.”

Aruna