ඉදිරි පළාත් පාලන ආයතන ඡන්දවිමසීමේදී කිසියම් කායික දුබලතාවයක් සහිත යම් තැනැත්තෙකුට පයින් හෝ පොදු ප්‍රවාහන සේවයකින් ඡන්ද පොළට යාම හෝ ඒම කළ නොහැකි නම් විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.
එක්සත් ජාතික පක්ෂ කරන්දෙනිය ආසන බල මණ්ඩලයට සහභාගී වන ලෙසට කර තිබූ ආරාධනාවකට අනුව, අද පැවති ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වූ බව අමාත්‍ය මනූෂ නානායක්කාර එක්ව සිටියේය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට (26) ප.ව 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2023.01.25) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීමට අද පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී තීරණය කර තිබේ.
මාලිමාවේ ආණ්ඩුවක් නුදුරේදීම හදන හෙයින් රට ඇත හැර නොයන්නැයි වෘත්තීයවේදීන් ඇතුළු සියලු පාර්ශවලින් ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 15ක් විය යුතු බවට දේශපාලන පක්ෂ ලේකම්වරුන් එකඟතාවකට පැමිණ තිබේ.
ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීමට අද පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී තීරණය කර තිබේ.
පළාත් පාලන මැතිවරණය මාර්තු 9 දා පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් ලිපියක් හෝ පිටපතක් මෙතෙක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7,000 ක් යොදවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එම්.එස්. චාල්ස් එම කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙන බව වාර්තා වෙයි.
විදේශීය ශ්‍රම වෙළඳපොළ වෙත ගුණාත්මක ශ්‍රමිකයින් ලබාදීම අරමුණුකොටගෙන ශ්‍රමිකයින් පුහුණු කිරීමේ ඒකාබද්ධ සැලැස්මක් සකස්කිරීම පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනු කමිටුවේදී අවධානය යොමු විය.
Page 78 of 553