Friday, March 20, 2026
Follow Us
අද පාර්ලිමේන්තුව රැස් වෙයි

අද (07) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.


ඉන් අනතුරුව, පෙ.ව. 10.30 සිට ප.ව. 4.00 දක්වා, මෝ‍ටර් වාහන පනත ය‍‍ටතේ නියෝග තුනක්වි වාදයට ගැනීමට නියමිතය.


අනතුරුව, ප.ව. 4.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.