Thursday, November 06, 2025
Follow Us
‘හොරා කාපු ධනය නැවත පවරා ගත යුතුයි’ යන්න සජිත්ට හරියට තේරෙන්නේ නෑ

'හොරා කාපු ධනය නැවත පවරා ගත යුතුයි ' සටන් පාඨය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට තේරුම්ගත නොහැකි වී තිබෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.

ඒ නිසා මාලිමාව බලයට පැමිණියහොත් ජනතා දේපළ රජයට පවරා ගන්න බවට කතාවක් ඔහු ජනතාවට ප්‍රකාශ කරන බවද ලාල් කාන්ත මහතා කීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා (01) මාතලේ ජනතා රැලියකට සහභාගි වෙමිනි.

'මාතලේ කියන්නෙ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අරගල කළ භූමියක්. සජබ ඇතුළේ හොරකම්වලට, මිනී මැරුම්වලට සම්බන්ධ ඒ සංස්කෘතිය රැකගෙන ආ අය ඉන්නවා. මේ අයට බලයට එන්න බැහැ. ඒ වගේම මේ අයව රකින අයට බලයට එන්න බැහැ. මුළු මහත් සමාජයම මේ අයට බලයට එන්නත් බැරි, ජනතාව රවට්ටලා ඒවා වෙනුවෙන් පෙනී ඉන්න අයටත් බලයට එන්න බැරි තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා.' යයිද ලාල් කාන්ත මහතා තවදුරටත් පැවසීය.

Dinamina