Thursday, November 06, 2025
Follow Us
අද පාර්ලිමේන්තුව

අද (08) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

ඉන් අනතුරුව, පෙ.ව. 10.30 ට අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය අනුමත කිරීමට නියමිතයි.

අනතුරුව, පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා, සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හයක් සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග විවාදයෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතයි.

අනතුරුව, ප.ව. 5.00 ට විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා විසි හතරක් (24) අනුමත කිරීම සහ ඉන්දිරා පිළිකා භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා ඉදිරිපත් කිරීමටත් නියමිතයි.

ඉන් අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.