ආණ්ඩු වෙනසක් සිදුකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් මිස මහපාර ඊට විකල්පයක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද පැවති අධිකාරියට පත් කැඩෙට් නිලධාරින් විසිර යාමේ පෙළපාලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.