Thursday, November 06, 2025
Follow Us
පළාත් පාලන  ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණයි - අගමැති 

පළාත් පාලන  ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණක් බව, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී අද (07)  පැවසිය.

ඔහු කියා සිටියේ මැතිවරණ කොමිසම, මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමාව කැඳවා, අද දින සාකච්ඡාවක් කිරීමට නියමිත බවයි. ඊළඟ ක්‍රියාමාර්ග තීරණය කළ හැක්කේ ඉන් අනතුරුව බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විමසූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මේ මස 19 වන දා පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසු ගන්නා ක්‍රියාමාර්ග ගැන මන්ත්‍රීවරයා විමසිය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කිය.

 "ගරු කථානායකුමනි,

අපේ මාතර දිස්ත්‍රික්ක ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නයම විපක්ෂ නායකතුමාත් 27/2 යටතේ අසා තිබෙනවා. ඉතිං විපක්ෂ නායකතුමත් අහන්නේ ඔය  ප්‍රශ්නනයම තමයි අන්තිමට. ඒ ගැන, නිතීය අනුව කටයුතු කිරීම පමණයි කරන්න පුලුවන්. මැතිවරණ කොමිසම, මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා කැදවලා අද සාකච්ඡා කීරීම අනුව තමයි ඊළඟ කාරණාවලට බහින්න පුලුවන් වන්නේ."