IMF විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනාව සම්මතය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මතයි.
රෝහල්වල පවතින හෙද සේවක පුරප්පාඩු පිරවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් තීරණය කර තිබේ.
දුම්රිය සේවය වෙනස්කම් කිරීමට නම් දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කළ යුතු බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මාහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
හරිත පක්ෂයක් ලෙස එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය ගැන පැහැදිලි මතයක් දරන බවත් මේ සිදුවීම් සිදු වී දින කිහිපයක් ඇතුළත එවක ජනාධිපතිවරයාට ලිපියක් මඟින් අපක්ෂපාතී විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස දන්වා සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවැසීය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් හෙට (24) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූ රාජ්‍ය සේවකයන්ට, මැතිවරණ නීතිය උල්ලංඝණය නොවන පරිදි නැවත සේවය කිරීමේ අවසරය ලබා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දකුණට ලබාදෙන සෑම පහසුකමක්ම උතුරු නැගෙනහිරටත් ඒ අයුරින්ම ලබාදීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26)පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
අද (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීම කිසිසේත් නීත්‍යානුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ඉල්ලුවේ පැවැති ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට බව සභානායක , අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අද (27)ප්‍රකාශ කළේය.
සහරාන්ගේ ජංගම දුරකතනයේ දත්ත පිටරට බුද්ධි අංශයකට ගෙනියන්න දුන්නේ ඇයි දැයි ප්‍රහේලිකාවක් බවත් ඒ දුරකතනයේ මේ ප්‍රහාරය ගැන බොහෝ රහස් තොරතුරු තිබෙන්නට ඇති බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති වශයෙන් ජේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමිපාණන් වහන්සේ පත්වූහ .
ගුවන් විදුලි සහ රූපවාහිනී සඳහා වඩාත් විනිවිදභාවයෙන් බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බවඅමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (27) පාර්ලිමේන්තුවේදි පැවසිය.
දේශපාලන මැදිහත් වීම් මත, මාර්ගස්ථ මගී ප්‍රවාහන බලපත් ලබා නොදීමට තමා උපදෙස් දී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රටට අවශ්‍ය වන්නේ ජාතික ආණ්ඩුවක් නොව ජාතික වැඩපිළිවෙළක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
2023 අප්‍රේල් 26 වැනි දින පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පහත සඳහන් නිවේදන ඉදිරිපත් කරන ලදී.
රැකියා සඳහා විදෙස් ගත වූ අය සහ ඔවුන්ගේ පවුල් නගා සිටුවීම සඳහා විශේෂ සුබසාධන වැඩසටහනක් ක්‍රියාත්මක බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද(25) පාර්ලිමේන්තුවේ පැවසීය.
තරුණයන් අපේක්ෂා කළ වෙනස වසරක් ගත වුවද මෙතෙක් සිදු වී නැති බව ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
කොළඹ පැවති ජන හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළ අතර විවිධ නායකයින් මේ රට හැදුවා බව ද ඇය ප්‍රකාශ කළාය.
හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය .
" සමහරු රට විනාශ කළා. මේ සියල්ල බලන කොට අපි ඉදිරියට ගිහිල්ලා නැහැ. මම නම් ලැජ්ජා වෙනවා. අපි ගොඩාක් ඉදිරියෙන් හිටියේ. නිදහස ලැබෙන වේලාවේ අපිට වැඩිය ගොඩාක් පිටුපසින් හිටිය රටවල් අද කොතැනද සිටින්නේ. අපි කොතැනද සිටින්නේ . අපේ තරුණ ප්‍රජාව අපිට රැඩිකල් වෙනසක් අවශ්‍ය කියලා මහා සටනක් ආරම්භ කළා දැන් අවුරුද්දකට පෙර. ඒ් සටහන පුදුමාකාර විදියට සාර්ථකත්වයක් ලැබුවා. රජය ගෙදර යා යුතුයි කිව්වා.ගෙදර යැව්වා. ඊට පස්සේ වෙනසක් අවශ්‍ය කිව්වා. ඒක සිද්ධ වෙලා නැහැ. අවුරුද්දක් තුළ ඒ් රැඩිකල් වෙනස සිද්ධ වෙලා නැහැ."
Page 70 of 555