Sunday, May 11, 2025
Follow Us
දේශීය ආදායම් පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තබයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව 2023 මැයි 08 දින “දේශීය ආදායම් (සංශෝධන)” පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

උක්ත පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 28 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව, කථානායකවරයාගේ සහතිකය සටහන් කිරීමත් සමග “දේශීය ආදායම් (සංශෝධන)” පනත් කෙටුම්පත 2023 අංක 04 දරන “දේශීය ආදායම් (සංශෝධන)” පනත වශයෙන් බලාත්මක වේ.