Friday, March 29, 2024
Follow Us
දුම්රිය දෙපාර්තමේන්තුවට නව සේවකයන් බඳවාගෙන නැහැ - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

දුම්රිය දෙපාර්තමේන්තුවට නව සේවකයන් 3,000ක් බඳවා ගෙන ඇතැයි කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, බහුකාර්ය බළකායට රජයෙන් බඳවා ගෙන තිබූ 3,000ක් ස්ථිර රැකියා සඳහා දුම්රියට බඳවා ගැනීම පමණක් සිදු කර ඇති බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පැවසීය.

 

රාජ්‍ය ආයතන වසා දමමින් සේවකයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ඒ අනුව කැමැති අයට විශ්‍රාම යා හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.