Sunday, May 11, 2025
Follow Us
ඝාතනයට ලක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ නමින් මාවතක්

මීට වසරකට පෙර අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ මහතාගේ පළමු ගුණානුස්මරණය වෙනුවෙන් පොළොන්නරුවේ වැඩසටහන් සංවිධානය කර තිබිණි.

ඒ අනුව කාපට් යොදා සංවර්ධනය කෙරුණු පොළොන්නරුව සේවාගම - වරාකැලේ මාර්ගය "අමරකීර්ති අතුකොරළ මාවත" ලෙස නම් කරමින් එය ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එමෙන්ම මාර්ගයේ ඉතිරි සංවර්ධන කටයුතු ආරම්භ කිරීම ද මෙම වැඩසටහනට සමගාමීව සිදු කෙරිණි.

 

මීට සමගාමීව පොලොන්නරුව ඩිපෝව වෙත ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ගවල ධාවනය සඳහා ලබා දුන් නව බස්රථ අතුරින් බස් රථ තුනක්‌ දිවුලාන - කදුරුවෙල සහ ඕනෑගම - කදුරුවෙල මාර්ගවල සහ ඇලහැර ප්‍රාදේශී ලේකම් කොට්ඨාසයේ කෝට්ටපිටිය ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලය අසල සිට කදුරුවෙල නගරය දක්වා ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ සහ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් ධාවනය සඳහා එක් කිරීම මෙදින සිදු විය.

 වැලිකන්ද ප්‍රාදේශීය කොට්ඨාසයේ වැලිකන්ද මහවැව බටහිර නව පාලම "අමරකීර්ති අතුකෝරල" නමින් නම් කිරීම ද සිදු විය.