Monday, May 04, 2026
Follow Us
රාජ්‍ය දේපළ විකිණීම යහපත් බව ජනතාව අද ප්‍රකාශ කරනවා ඇමැතිනී, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි

ඉදිරියට පැමිණෙන්නේ පරිවර්තන රැසක් සිදු වන යුගයක් බවත් අද වන විට ජනතාවගේ ආකල්ප සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්වී තිබෙන   වන ජීවී සහ වන සම්පත් සංරක්ෂණ ඇමැතිනී, නීතිඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

 

ඇය ප්‍රකාශ කළේ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් තිබූ විරෝධාකල්ප වෙනස්වී එසේ පෞද්ගලීකරණය වීම යහපත් බව ජනතාව දැන් ප්‍රකාශ කරන බවයි.

 
ගල්ඔය පාරිසරික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ට විවෘත කිරීම පෙරළියක ඇරඹුමක් බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.