කැණීම් සිදුකිරීම සඳහා අවසර ලබාදුන් ප්‍රදේශවල භූමිය කැණීම්වලින් පසුව නැවත සකස් කිරීමේ කාර්ය නියමිත පරිදි සිදුවී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණ වී තිබේ.
ඒ, භූ විද්‍යා හා පතල් කාර්යංශය ඊයේ (12) කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.
කෙසේවෙතත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් නියමිත තොරතුරු ලබානොදීම හේතුවෙන් කෝප් කමිටුව අතරමඟදී නවතා දැමීමට එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර කටයුතු කළේය.