ඇඟලුම් කම්හලක ඉවත දමන කිසිවක් නැහැ
“ඔබ දුප්පතකු ලෙස ඉපදීම ඔබේ වරදක් නොවෙයි. එහෙත් දුප්පතකු ලෙසම මිය යන්නේ නම් එය ඔබේ වරදකි.“
මෙම ප්‍රකට කියමන පවසා ඇත්තේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ නිර්මාතෘ ලෝක බිලියනපතියන් අතර ප්‍රමුඛයා වන බිල් ගේට්ස් ය. එම කියමන පිළිබඳ කිසිදු තර්කයක්, වාද විවාදයක් නැත. අප ද ඔබට අවධාරණය කරන්නේ කරන්නට කොතෙකුත් වැඩ තිබියදී කිසිවක් නොකර හිඳින්නවුන් රටකට සාපයක් බව ය.
මහන මැෂිමක් නැති ගෙදරක් ලංකාවේ නොමැති තරම් ය. එක් කලෙක මහන මැෂිමක් යනු පතිකුලයට යන දියණියකගේ දායාදයේ අනිවාර්ය අංගයකි. දියණියන් මැහුමට ගෙතුමට හුරු කරවීම තමන්ගේ පරම වගකීමක් ලෙස සලකා මව්වරු කටයුතු කළහ. කාලයත් සමඟ මෙය මඟහැරී ගිය බවද නොරහසකි. අධ්‍යාපනයේ අනවරත තරගය නිසා වර්තමානයේ මැහුම් ගෙතුමේ නොව බතක්, පරිප්පුවක්, සම්බෝලයක් පිළියෙල කිරීමට නොදන්නා දියණියන් ද බොහෝය. මව්වරුනි, පළමු ලිපියෙන් කීවා සේ ම ගෙයි මුල්ලේ තිබූ මැෂිම එළියට ගන්න.
තරුණ දියණියනි, රැකියා නොමැතිකමින් ලත නොවී අම්මා සතු වටිනාම දායාදය; මැහුම් - ගෙතුම් යන අමිල නිධානයේ දැනුම උකහා ගන්න.
ඒ සමඟම ‘තරුණී මැහුම් ඉස්කෝලේ‘ තුළින් ලබා දෙන දැනුම සහ ව්‍යාපාරික අවස්ථා ජීවිතයට මහඟු අත්වැලක් වනු ඇත. මෙම ලිපියේ ශීර්ෂ පාඨය කියවූ ඔබ විචිකිච්ඡාවකට පත් වී ඇතුවාට සැකයක් නැත.
“ගාමන්ට් එකකින් ඇඳුම් මහන්නේ නැතිව වෙන මොනවා කරන්නද?“
එය නොවේද ඔබගේ පැනය...? ගාමන්ට්වලින් කැපී ඉවතට යන රෙදි කැබැලිවලින් ව්‍යාපාර අරඹා සාර්ථක වී සුඛිත මුදිත ජීවිත ගත කරන අතරේ තවත් පිරිසකට ස්වයං රැකියා අවස්ථා සලසා දී ඇති දිරිය ළඳුන් සිටින බව ඔබ දන්නවාද? ඇඟලුම් කම්හලකින් ඉවත ලන රෙදි කැබැලිවලින් කළ හැකි ව්‍යාපාර බොහොමයකි. ඒ මොනවාද?
* රෙදි කැබැලි අලෙවිය (Cut Pieces)
* රෙදි කැබැලි වලින් සරල ඇඳුම්
නිර්මාණය
* කොට්ටා උර මැසීම
* රෙදි තීරුවලින් පහන්තිර ඇඹරීම
* දූවිලි පිස්නා නිපදවීම, මාස්ක් මැසීම
* පාපිසි නිපදවීම
* පැච්වර්ක් ආශ්‍රිත නිර්මාණ
* ගරාජ්, සර්විස් සෙන්ටර් ආදියට අවශ්‍ය
රෙදි කැබැලි සැපයීම
ආදී වශයෙන් කළ හැකි දෑ බොහෝ ය.
රෙදි පටි කැබැලි වලින් විවිධ දෑ නිපදවා ජීවිතය ජයගත් තරුණ ව්‍යවසායිකාවක් පිළිබඳ අපි දනිමු. සති පොළක සරුවත් විකුණමින් හිඳ මහරගමින් තරමක් විශාල රෙදි කැබැලි ගෙනැවිත් පොළවල් ගානේ විකුණමින් හිඳ දශකයක පමණ ඇවෑමෙන් කෝටිපතියකු වී අනතුරුව විදේශයන්ගෙන් ‘කට් පීසස්‘ ආනයනය කරන තරමට අති සාර්ථක වූ සුපිරි පැළැන්තියේ ව්‍යාපාරිකයකු පිළිබඳව අපි දනිමු. මෙවැනි නිදසුන් බොහෝ ය. ඒ සියලු දෙනා පිටුපස ඇත්තේ ‘උත්සාහයේ, ධෛර්යයේ, ආත්ම විශ්වාසයේ සහ කැපවීමේ‘ කතාවය.
ලංකාවේ බොහෝ දෙනා තුළ හීන මානයක් තිබේ.
“....ආපෝ... පොළවල් ගානෙ රෙදි කෑලි විකුණන්න...?“
“කොට්ට උර, ඇඳුම් කෑලි උස්සන් රෙදි කඩවල් ගානෙ බඩගාන්න...?“
“පාන්තිර අඹරල හොයන තුට්ටු දෙකෙන් මොනවා කරන්නද...?“
මෙබඳු අතිශය පසුගාමී ආකල්ප බොහෝ ය. එලෙස සිතන පුද්ගලයන්ට, එවැන්නන් සිටින රටකට දියුණුවක්, සංවර්ධනයක් තිබිය හැකිද? පළමුව ඔබ ආකල්මය පරිවර්තනයකට ලක්වන්න.
“දරිද්‍රතාවයේ ගිලී දිලින්දකු සේ ජීවත් වෙනවාද..., පුහු මානය බැහැර කර උත්සාහයෙන් දියුණු වෙනවාද?“
තීරණය ඔබ සතුය. මේ මඟ පෙන්වීම කරනු ලැබුවේ මැහුමට ගෙතුමට ප්‍රවීණතාවක්, නිපුණකමක් නොමැති අය සම්බන්ධයෙනි.
මැදි වයසට ආසන්න සහ ඉන් ඔබ්බට වයස් කාණ්ඩවල බොහෝ කාන්තාවන් මැහුමට, ගෙතුමට දක්ෂය. ඇඟලුම් කර්මාන්තවල සේවය කරන සහ නියුක්තව සිටි තරුණියන් ද සැලකිය යුතු ප්‍රමාණයක් සිටී. පාසලෙන් සමුගත් විගසම පාහේ ඇඟලුම් ක්ෂේත්‍රෙය් රැකියාවකට යොමුවන නව යෞවනියෝ වැඩි දෙනෙක් වසර හත අටක් වැනි සේවා කාලයකින් පසු රැකියාවට සමු දී විවාහයට එළැඹෙති. වෘත්තීය නිපුණතාවයගෙන් යුතු පුහුණු ශ්‍රමය මෙලෙස සේවය හැරදා යාම ඛේදජනක තත්ත්වයක් බව නොකිව මනාය.
විවාහයෙන් අනතුරුව දරුවන් සමඟ පවුලක් වශයෙන් පවතින ආර්ථිකයට මුහුණ දීම කොතරම් දුෂ්කර කටයුත්තක්ද යන බව අමුතුවෙන් කිව යුතු නොවේ. නිවෙසේ කටයුතු, දරුවන්ගේ රැකවරණය සහ අධ්‍යාපනය වෙනුවෙන් මව්වරුන් රැකියාවක නිරත නොවීම එක් අතකින් සහනයක් වුවද, ආර්ථික දුෂ්කරතා හමුවේ එය වලංගු කාරණයක් නොවේ. තරුණ කාන්තාවනි, වෘත්තිය නිපුණතාවයකින් යුතු ඔබ නිකරුණේ නිවෙසට වී කාලය ගතකිරීම අපරාධයක් නොවේද? එහෙත්... ප්‍රායෝගික දුෂ්කරතා හමුවේ යළි රැකියාවකට යාමේ ගැටලුව තුළ අසරණව හිඳිනවා විය හැකිය.
එහෙනම් කළයුතු වන්නේ කුමක්ද?
පිළිතුර සරලය... නිවෙසේ සිටම ආදායමක් උපයා ගැනීම, පවතින හොඳම විකල්පයයි. ඔබ උත්සාහවන්ත නම්, නොසැලෙන අධිෂ්ඨානයෙන් සමන්විත නම් ඔබටම රැකියා දිය හැකි බව පසුගිය කලාපයේ ශීර්ෂයෙන්ම දැනුවත් කළා මතක ඇති. නිවෙසේ සිටම මුදල් මවන්නට මහන මැෂිම අපූරු මෙවලමක් බව පැවැසුවේ එබැවිනි. තරයේ සිතට ගන්න. ඒ සඳහා නිදසුනක් ලෙස ‘සාරි හැට්ට‘ මැසීම ගනිමු. මෙය විශාල ඉල්ලුමක් සහිත ක්ෂේත්‍රයකි. මේ සඳහා අය කෙරෙන මුදල ප්‍රාදේශීය වශයෙන් වෙනස් වන නමුදු, සාමාන්‍ය සාරි ජැකටයක් සඳහා අය කෙරෙන අවම මුදල රුපියල් හත්සිය පණහකි. එය මසන චරිතය සන්නාමයක් (Branded) බවට පත්වීමත් සමඟ එම මුදල රුපියල් එක්දහස් පන්සියයක් තරම් ඉහළ අංගයක් දක්වා විහිදෙයි.
මංගල උත්සව සහ වෙනත් සුවිශේෂී අවස්ථා සඳහා නිර්මාණය වන සාරි ජැකටයක් සඳහා රුපියල් පන්දහසක පමණ ඉහළ මිලක් පළපුරුදු ශිල්පිනියක් නියම කරනු ලබයි. අවමය එක දහස් පන්සියයකි. එතරම් ඉහළ අගයකට යා යුතු නැත. දිනකට අඳුම් දෙකක් ලෙස සරල සමීකරණයකට යමු.
750x2 = 1500x30 = 45000
මේ දින තිහකදී මාසයක ඉපයීමය. මාසයකට දහයක් වුවද අපට ලැබෙන මුදල රුපියල් හත්දහස් පන්සීයකි. මේ අතර වාරයේ ගවුම්, පාසල් නිල ඇඳුම්, ළදරු ඇඳුම්, කොට්ටා උර ආදිය සඳහා පහසුවෙන් යොමුවීමට පුළුවන. නව පන්නයේ මෝස්තර, විලාසිතා අන්තර්ජාලයෙන් සොයා ගැනීම පහසු කරුණකි. මෙලෙසින් ඇරැඹුමක් ගන්න. ඒ අතරවාරයේ ඔබගේ ‘ඇඟලුම් කම්හලක සිහිනයට‘ පණ දීමට අපි සූදානමින් සිටිමු. ඒ වෙනුවෙන් ම ලියැවෙන ‘තරුණී මැහුම් ඉස්කෝලේ ‘Lesson No 01‘ ලබන කලාපයේ සිට බලාපොරොත්තු වන්න. එය මැහුම් කලාවේ අපූර්වත්වය සොයා යන සොඳුරු චාරිකාවක් වනු නිසැකයි.
උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී
එරංග රණසිංහ - ඔයාමා ග්‍රැෆික්ස්

(Tharunie)