ධනාත්මක පෞරුෂයක් ගොඩනගා ගන්න ඇරැඹුමක්
මුහුණ දෙමු - ජය ගනිමු
වර්තමාන සමාජය දෙස බලන විට පෙනෙන්නේ බහුතරයක් මිනිසුන් තනි ගමනක් යන බවකි. එයට හේතු බොහෝය. එක හේතුවක් වන්නේ මනුෂ්‍යත්වය මිනිසාගෙන් දුරස් වීමයි. බොහෝ අය අනෙකාගේ දක්ෂතා, කුසලතා අගය කිරිමට කැමැති නැත. ඔවුන් නො හැකියාව. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ද්වේශය වපුරමින් කල් ගෙවයි. මෙලෙස කල් ගෙවීමේ දී ධනාත්මක පෞරුෂයක් කෙසේ වෙතත් ගොඩනැගෙන්නේ ඍණාත්මක පෞරුෂයකි.
බොහෝවිට අපි තුළ ඇතිවන සෘණ හෝ ධන ගුණාංග අපට ලැබෙන්නේ අපේ මුතුන් මිත්තන්ගේ ජානවලින් සහ අප අවට පරිසරයෙනි. මවගේ හා පියාගේ පරම්පරාවලින් එන වර්ණදේහවලින් අපව නිර්මාණයවේ. ආරයෙන් හා බුද්ධි බලයෙන් අපිට ලැබෙන හැකියාවන් කුසලතාවන්, දක්ෂතාවන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය සම්පත් ලැබෙන්නේ අප අවට පරිසරයෙනි. කුඩා කාලයේ දී මෙය තදින්ම බලපායි. පාරවල, මුඩුක්කුවල ඉතා දක්ෂ හැකියාවන් ඇති දරුවන් බිහි ෙව්. නමුත් ඔවුන්ට අවශ්‍ය ශක්තිය සහයෝගය දීමට කෙනෙක්, නොමැති නිසා ඔවුන් පිළිබඳ අපට දැක ගන්න ලැබෙන්නේ නැත.
අධ්‍යාපනය හොඳින් හදාරා උපාධිය පමණක් ලබා ගත් පමණින් ඔබට මනුෂ්‍යයකු විය නො හැකියි. සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් ඔබට තීන්දු තීරණ ගැනීමට නො හැකි නම්, මනුෂ්‍යයෙක් ලෙස ජීවත් වීමට නො දන්නේ නම් ඔබ සමාජයට විස බීජයකි. රටට අවමානයකි. උසස් අධ්‍යාපනයක් හැදැරූ පුද්ගලයන්ගෙන් බලාපොරොත්තු වන්නේ, යහපත්, පරිණත, අවංක හැසිරීමකි. නමුත් කණගාටුවට කරුණ නම් අපට සිටින්නේ සමාජයට, රටට අවමන් කරන, ආත්මාර්ථකාමී දූෂිත පුද්ගලයන්.
පිටතින් කෙනකුයි ඇතුළතින් තව කෙනකුයි ලෙස බොහෝ අය ජීවත් වෙන්න උත්සාහ කරයි. ඔවුන් පිටතට ගියාම මිනිසුන් ඉදිරියේ බොහොම වැදගත්, පාරිශුද්ධ පුද්ගලයන්ය. නමුත් ඇතුළාන්තයෙන් නරක, දුෂ්ඨ ගති ඇති අයය. ඒ නිසා ඔබ මොන තරම් වැදගත් පුද්ගලයෙක් වෙන්න හැදුවත් ඔබේ චර්යාව නරක නම් ඔබේ ඒ ගතිය එළියට පෙන්නුම් කරයි. ඉතා සංසුන්ව, පියකරුව ඇඳ පැලඳ සිටින එවැනි කෙනකු දිහා තව කෙනෙක් බලා කියනවා, “ඔහොම හිටියට බලන්න ඕනෙ පොඩ්ඩක් අවුස්සල.. පටි රෝල් තමයි," මේ වගේ කතා ඔබත් අසා ඇති.
ඉතා සංසුන්ව හිටපු, නිවුණු බව පෙන්වන ගොඩාක් දෙනාගෙ සමාජ හැසිරීම් කොතරම් අව්‍යජ ද ව්‍යාජ ද කියල අපි දන්නවා ද? මේ හැමදේම ඇතිවෙන්නේ ඔවුන්ගේ පෞරුෂය හරහායි. දුර්වල පෞරුෂයක ලක්ෂණ ලෙස ඒවා හඳුන්වන්න පුළුවනි.
අප කතා කරන ධනාත්මක පෞරුෂයකට හිමිකම් නො කියන බොහෝ දෙනා දැඩි පීඩනයට ලක්වේ. මේ පීඩනය අවම කිරීමට මනෝවිද්‍යාව විවිධ ක්‍රම භාවිත කරයි. සහකම්පනය දැක්වීම ඉන් එක් ශිල්පීය ක්‍රමයකි. සහකම්පනීය ප්‍රතිකාර මඟින් stress එක, ක්ලමථය අඩුකර ගත හැකියි.
වරක් මා වෙත පැමිණි තරුණයකු කියා සිටියේ ඔහු දැනට රැකියාවන් පහක් පමණ කර ඇති බවත් එම රැකියා ස්ථානවල දී තමන්ට විශාල පීඩනයක් එල්ල වන බවත්ය. එවැනි පීඩනයක් ආ විගස ඔහු රැකියාව මාරු කරයි. නමුත් එම පීඩනයට හේතු වූ මුලික සිද්ධිය කුමක්ද කියා ඔහු දැන සිටියේ නැත. ඔහු පැමිණියේ පැයක උපදේශන හමුවකටයි. නමුත් ඔහුගේ කතාව පැය දෙකක් මා ඉතා උනන්දුවෙන් හා උවමනාවෙන් අසා සිටියෙමි. කිසිදු ප්‍රතිකාරයක් උපදේශනයක් නොමැතිව ගැටලුවෙන් 50%ක් පමණ නිදහසක් ඔහුට දැනුණ බව පවසා සිටින්නට විය. එහිදී සිදුවුයේ මා සහකම්පනීය සවන් දීමක් සිදුකිරීම පමණි. උපදේශනයේ යෙදීමවත් ඒ පිළිබඳ අධ්‍යයනය හැදැරූ පුද්ගලයන් වීමවත් වැදගත් නොවේ. කෙනකුගේ දුක හඳුනන, වේදනාව හඳුනන මනුෂ්‍යයෙක් වීමෙන් ඔබට පුළුවනි. සෘණාත්මක ආකල්ප දරන, වේදනා විඳින පුද්ගලයන්ට සවන් දීමටත් එහි රහස්‍ය බව ද අවංකව රැකීමට තව කෙනකුට සවන් දෙන්න. තව කෙනෙක් කෙරේ සංවේදී වන්න, තව කෙනකුගේ ගමන් මඟට වචනයෙන් හරි ශක්තියක් වෙන්න. එසේ වීමට නෙැහැක. හැමෝටම බැහැ. ඉඳුම්, හිටුම්, කෑම, බීම විතරක් නෙමෙයි ජීවිතය කියන්නේ මනුෂ්‍ය බැඳීම්වල ශක්තිය විශ්වාසය රැකිය යුතුයි. ඒ සඳහා හැකියාවක් නැහැ කියන රළු තැනට කොයි වෙලාවකවත් වැටෙන්න එපා. මොන තරම් කාර්යබහුල තත්ත්වයක හිටියත් කෙනකුට දෙන්න පුළුවන් උපරිම දේ කාලය. මානව අවශ්‍යතාවන්ට ගරු කරන්න අපි පුරුදු වෙමු. මිනිසා තුළ මිනිසත් බව ඇති කරගන්න උදව් කරමු.
ධනාත්මකව සිතන්නටත්, යහපත් සිතුවිලි තුළින් යහපත් චර්යාවන් ගොඩ නඟා ගැනීමටත් හැකි මනා පෞරුෂයක් පවත්වාගත යුතුයි.
ශරීරය අපිරිසුදු වුණාම අපි පිරිසුදු කර ගන්නෙමු. අසනීප වු විට, අතපය කැඩුණු විට ඖෂධ ප්‍රතිකාර ගනියි. ඒ හා සමානවම මානසිකව අප කඩා වැටෙන විට, අපේ අධ්‍යාත්මය යහපත් නොවෙන විට අපි කුමක් කරන්නේ ද? අපි ඒ සඳහා නිසි පියවර ගන්නවා ද?
ශක්තිමත් වෙන්න කාය වර්ධනයට දෙන සැලකිල්ලම ඔබේ මනස සුන්දරව තබා ගැනීමටත් දෙන්න.
රූපලාවණ්‍ය, පෞරුෂ සංවර්ධන හා මනෝ උපදේශිකා
දීප්ති පෙරේරා
Tharunie