අපි සීනිවලට පිටිවලට කූඹින්ටත් වඩා වහල් වෙලා. ගෘහණියත් මේ තත්ත්වයට වගකියන්න ඕන. ආදරේ වැඩිකමට තේ කෝප්පයට සීනි හැදි ගණනින් දාන කේක්, පාන්, බිස්කට්වලින් බඩ පුරවන කෑම සංස්කෘතියක් නිවෙසේදීම ගොඩ නඟන්නේ ගෘහණියයි.
නිවෙසින් නිවෙස එක් වෙලා ඇති වන්නේ සමාජයක්. වැරැදි ආහාර පුරුදුවලට වැට නො බැඳීමේ වරදට දැන් සමාජයේ වැඩි දෙනෙක් බැට කනවා. ඒ දියවැඩියා රෝගයට ගොදුරු වෙමින්. දියවැඩියාව කියන්නේ බොහෝ රෝගවලට මූලික හේතුවක්.
කට වරද්දා ගෙන දියවැඩියාවට ගොදුරු වෙනවා වගේම වෙනත් හේතු නිසා ද දියවැඩියාව සෑදෙන්න පුළුවන්. කෝවිඩ් වැලඳුණු පුද්ගලයන් දියවැඩියාවට ගොදුරු වීමට ඉඩ ඇති බව සොයා ගෙන තිබෙනවා. එය කවුරු කවුරුත් තිගැස්මට පත් කරන ආරංචියක්.
කෝවිඩ් - 19 හා දියවැඩියාව අතර ඇත්තේ විශාල බැඳීමක්.
මේ දක්වා අපේ රටේ මිය ගිය කෝවිඩ් රෝගීන් පහළොස් දහස් දෙසිය ගණනින් අඩකටත් වඩා එනම් සියයට පනස් දෙකකට වඩා මිය ගොස් තිබෙන්නේ දියවැඩියා රෝගයෙන් පීඩා විඳි අයයි. ලෝකයේත් වයස හැටට වැඩි කෝවිඩ් මරණ සියයට 84කට වඩා වැඩි ගණනකට වග කියන්න ඕන දියවැඩියාව, හදවත් රෝග, අධි රුධිර පීඩනය වැනි බෝ නො වන රෝගයි.
දියවැඩියා රෝගියකුට කෝවිඩ් වැලඳුණොත් මොකද වෙන්නෙ ?
නව කොරෝනා වෛරසය දියවැඩියා රෝගියා ගේ ස්වසන මාර්ගයෙන් ඇතුළු වුණාට පසුව ඔහුගේ / ඇය ගේ අග්න්‍යාශයට, අක්මාව, හදවත ඇතුළු ඉන්ද්‍රියයන්ට වෛරසය වෙනත් කෙනකුට ( නීරෝගි කෙනකුට වඩා ) වඩා වේගයෙන් ඇතුළු වෙනවා. ඒ නිසා රෝගයෙන් ඇතිවන සංකූලතා ද වැඩි වෙනවා. එනිසාම ඔවුන් නියුමෝනියාව වැනි ස්වසන රෝගවලට අමතරව හදිසියේම ඇතිවන හදවත් රෝගවලින්, අංශ භාගයෙන් මිය යාමට ඇති ඉඩ වැඩි වෙනවා.
ලෝකයේ අලුත්ම සංඛ්‍යා ලේඛනවලට අනුව පසු කෝවිඩ් තත්ත්වයේදී එනම් කෝවිඩ් වැලඳී සුව වී මාස කිහිපයකට පසුව බාල, තරුණ, මහලු වෙනසක් නැතිව දියවැඩියාවට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩිවෙලා. මෙසේ වී ඇත්තේ පවුලේ කිසිවකුට රෝගය නැතිවයි. ස්ථුලතාව වැනි අවදානම් සාධක ද මේ අයට තිබිලා නැහැ. චීනය, අමෙරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල පසු කෝවිඩ් තත්ත්වයේ පුද්ගලයන් දහස් ගණනින් දියවැඩියාවට ගොදුරු වෙලා.
පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ කෝවිඩ් වැලඳිලා රුධිරයේ සීනි මට්ටම වැඩි වුණොත් රෝගයෙන් මිය යාමේ අවදානම සියයට විසි පහකින් වැඩිවී ඇති බවයි. රෝගය සුවවී මාස තුන හතරකට පසු මේ අයගෙන් සියයට පහක් දහයක් අලුතින් දියවැඩියාවට ගොදුරු වෙලා.
නව කොරෝනා වෛරසයට අක්මාවේ බීටා සෛලවලට ඇතුළු වී ඒවා අක්‍රීය කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මේ වෛරසය අක්මාවට ඇතුළු වෙලා අක්මාවෙන් ග්ලූකෝස් නිපදවීම වැඩි කරනවා. එනම් සිරුරින් ම සීනි හැදෙන ප්‍රවණතාවක් ඇති වෙනවා.
වැඩි සීනි මට්ටම ( ග්ලූකෝස් මට්ටම ) අඩු කරන ඉන්සියුලින් හෝර්මෝනයේ ක්‍රියාකාරිත්වය අඩු කර ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවක් ඇති කරන ගුණයක් ද නව කොරෝනා වෛරසයේ පවතිනවා. මේ හේතූන් නිසා වයස හැට වුණත් වයස විස්ස වුණත් කුමන වයසක පසු වූවත් දියවැඩියාවට ගොදුරු වීමේ හැකියාවක් තිබෙනවා.
ඒ නිසා පැය 8 - 10 ක් නිරාහාරව සිට සිදු කරන රුධිරයේ සීනි පරීක්ෂාව ( ෆාස්ටිං බ්ලඩ් ෂුගර් ) කෝවිඩ් සුවවූ සෑම රෝගියකු විසින් ම සිදු කර ගැනීම ඉතා වැදගත්. රෝගය වැලඳී මාස හයක් ඇතුළතත් අවුරුද්දකට පසුවත් රුධිරයේ සීනි පරීක්ෂාව කර ගැනීම වැදගත්.
ලංකාව පුරා තිබෙන සුව දිවි සායනවලින් ( HEALTHY LIFE CENTERS ) නොමිලයේ ඕනෑම පුරවැසියකුට මේ රුධිර පරීක්ෂාව කරගැනීමට පුළුවන්.
-------------------
ස්ථුලතාව, ජාන දියවැඩියාවට ප්‍රධාන හේතුවක්.
ගැබිනි වියේදී වැදෑමහෙන් (ප්ලැසෙන්ටාවෙන් ) නිපදවෙන හෝර්මෝන සෛලවල ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවක් ඇති කරනවා. සාමාන්‍යයෙන් අග්න්‍යාශයෙන් මේ ප්‍රතිරෝධීතාව වළක්වන්න අමතරව ඉන්සියුලින් නිපදවනවා. ඒත් ඇතැම් විට අග්න්‍යාශයට ඒ කාර්යය දිගටම නිසි විදියට කළ නො හැකි වෙනවා. මෙවිට සෛලවල අඩු ග්ලූකෝස් මට්ටමක් පවතිද්දී රුධිරයේ වැඩි මට්ටමක් පවතිනවා. එහි ප්‍රතිඵලය ගැබිනි වියේ දියවැඩියාවයි.
ෆ්ලූ වැනි ඇතැම් වෛරස් රෝග දියවැඩියාවට හේතුවන බවට සැකයක් කලක සිට විද්‍යාඥයන්ට මතු වී තිබෙනවා. ස්ටීරොයිඩ්ස් (Steroids / corticosteroids ) ඔසු මඟින් ද දියවැඩියා රෝගය වැලඳීමේ අවදානමක් ඇති වෙනවා.
(Tharunie)