පිරිමින්ගේ ලිංගික උත්තේජනය වෙනුවෙන් භාවිත කරන “ව්‍යාඝ්‍රා” පිළිබඳව සමාජයේ යම් යම් සැක සහිත තැන් තිබුණත් අලුත්ම ආරංචි මාර්ග අනුව ව්‍යාඝ්‍රා නිසා පිරිමින්ට තවත් බෝනස් එකක් ලැබෙන බැව් පෙනී ගොස් තිබෙනවා.
ව්‍යාඝ්‍රා පෙති භාවිත කරන පිරිමින් ඇල්සයිමර් රෝගයට ගොදුරුවීමට තිබෙන අවදානම යම් ප්‍රමාණයකින් අඩු කිරීමේ හැකියාව තිබෙන බැව් එක්සත් ජනපදයේ සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දී තිබෙනවා.
මේ හැකියාව ලැබෙන්නේ කොහොමද...?
“සිල්ඩෙනසිල්” යන නාමයෙන් හැඳින්වෙන ව්‍යාඝ්‍රා මුලින්ම නිපදවනු ලැබුවේ හෘද රෝග ඖෂධයක් විදිහටයි. මෙම ඖෂධයේ ප්‍රධාන කාර්යය වන්නේ රුධිර නාල ඉහිල් කිරීම සහ පුළුල් කිරීම මගින් රුධිර ප්‍රවාහය පහසු කිරීමයි. ඒ නිසා රුධිර ප්‍රවාහය හොඳින් සංසරණය වීම නිසා ලිංගික කාර්යය පවා පහසු වීමේ හැකියාව ඇති බැව් මුලින් සිදු කරන ලද අධ්‍යනයන් මගින් තහවුරු වුන කරුණක්.
නොදන්නා දෙවියන්ට වඩා දන්නා යක්ෂයා හොඳයි කියනවා වගේ...
මේ පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනය වෙනුවෙන් ක්ලිව්ලන්ඩ් පර්යේෂකයන් විසින් රෝගීන් මිලියන ගණනකගේ දත්ත විශලේෂණය කරනු ලැබුවා. නොදන්නා දෙවියන්ට වඩා දන්නා යක්ෂයා හොඳයි කියනවා වගේ රෝගයක් සඳහා නව ප්‍රතිකාර සොයනවාට වඩා, දැනට භාවිතයේ තිබෙන ඖෂධ යොදා ගැනීම වඩාත් සාර්ථක බැව් ක්ලීව්ලන්ඩ් පර්යේෂකයන්ගේ අදහසයි. ඔවුන්ගේ අධ්‍යයනය අවසානයේදී සිදු කරන ලද දත්ත විශ්ලේෂණයෙන් පැහැදිලි වී පෙනී ගියේ ව්‍යාඝ්‍රා ඖෂධය ලබා ගත් පිරිමින් ඇල්සයිමර් රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු මට්ටමක පැවැති බවයි. මේ අනුව මානව පටක භාවිතයෙන් සිදු කරන ලද විද්‍යාගාර පර්යේෂණ අනුව කරුණු දෙකක් අවධාරණය කර තිබෙනවා.
මෙම ඖෂධය අධි මාත්‍රාවකින් (සාමාන්‍ය පුද්ගලයෙක් ලබා ගන්නා මාත්‍රාවට වඩා) වැඩි ප්‍රමාණයකින් ලබා ගැනීම නිසා මොළයේ සෛල වර්ධනය වැඩි කිරීම සහ ප්‍රෝටීන තැන්පත් වීම අඩු කරනවා.
වසර හයක් පුරා මිලියන 7.2 කටත් වඩා වැඩි පුද්ගලයන්ගේ පුද්ගලික වෛද්‍ය දත්ත සම්බන්ධ කර ගෙන සිදු කරන ලද අධ්‍යයනයන් මගින් පෙන්වා දෙන අන්දමට “සිල්ඩෙනෆිල්” ඖෂධය භාවිතා කරන පුද්ගලයන් මෙම ඖෂධය භාවිතා නොකරන පුද්ගලයන්ට සාපේක්ෂව බලන විට අල්මයිසර් රෝග තත්වයට ගොදුරු වීමට ඇති අවදාම අඩු මට්ටමක පවතී.
ඒ අතරම අල්මයිසර් ඩිමෙන්ෂියාවෙන් පසුව ඇති වෙන “සනාල ඩිමෙන්ෂියාව” හෙවත් අඩු වූ රුධිර ප්‍රවාහයක් නිසා මොළයට සිදු වෙන හානිකර තත්ත්වය මත ඇති වෙන “ඩිමෙන්ෂියා” :ෘැපැබඑස්* තත්ත්වයට ගොදුරු වෙන පුද්ගලයන්ටත් මෙම ඖෂධය යම් ප්‍රතිඵලයක් ලබා දීමට හැකියාවක් ඇතිද යන්නත් තව දුරටත් අධ්‍යයනය කරනු ලබනවා. ඇල්සයිමර් රෝගයට ගොදුරු වීමෙන් පසුව මොළයේ රසායනික සමතුලතතාවය වෙනස් වෙන අතර ඒ වෙනුවෙන් “සිල්ඩෙනසිල්” ඖෂධයේ ඇති රසායනික සංයුතියෙන් හිතකර ප්‍රතිඵල ලැබෙනවාද යන්න අධ්‍යනය කිරීම පර්යේෂකයන්ගේ ඉදිරි සැලසුම ලෙසින් සඳහන් වී තිබෙනවා.
මේ දක්වා අපගේ සොයා ගැනීම් වලින් හෙළි වී තිබුනේ “සිල්ඩෙනෆිල්” භාවිතය සහ ඇල්සයිමර් රෝගය අතර ඇති සම්බන්ධය පමණයි. නමුත් දැන් අපි ඇල්සයිමර් රෝගීන් වෙනුවෙන් “සිල්ඩෙනෆිල්” ලබා දීමේ යාන්ත්‍රික සහ සායනික ප්‍රතිලාභ මුල් කර ගෙන සායනික අත්හදා බැලීම් සිදු කරනවා.
ටස්මේනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය “ජැක් ඔව්” සඳහන් කරන අන්දමට ඇල්සයිමර් රෝගය පිළිබඳව අපි ක්ෂෙත්‍රයේ පර්යේෂණ ගණනාවක් සිදු කළා. මුල් අවස්ථාවේදී ඒ ප්‍රතිඵල සාර්ථක වුණා. අපිත් සතුටු වුණා. ඒ වුණත් සායනික අත්හදාබැලීම්වලදී ඒ සියල්ල බිඳ වැටුණා. නමුත් මේ අවස්ථාවේදී අපේ පර්යේෂණ කණ්ඩායම සාර්ථක ප්‍රතිඵල ලබා ගෙන තිබෙනවා. ඒ නිසා “සිල්ඩෙනෆිල්” සම්බන්ධයෙන් ඇති මෙම ප්‍රතිඵල පාදක කර ගෙන තව දුරටත් අධ්‍යයනය පුළුල් කිරීමට බලාපොරොත්තු ගොඩ නැගී තිබෙනවා.
දත්ත සුන්දර වුනත් ඉක්මන් වෙන්නේ නැහැ...
එක්සත් රාජධානියේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ මොළය පිළිබඳ පර්යේෂණ විද්‍යාඥ මහාචාර්ය ටාරා ස්පයර්ස්-ජෝන්ස් සඳහන් කරන අන්දමට මෙම ඖෂධය ඇත්ත වශයෙන්ම ඇල්සයිමර් රෝගය වැළඳීමේ අවදානම අඩු කරනවා කියන බව තහවුරු කර ගැනීමට නම් තවත් පර්යේෂණ රාශියක් අවශ්‍ය වෙනවා. විද්‍යාත්මකව බලන විට මේ දත්ත බොහොම සුන්දරයි. නමුත් අධ්‍යයනය මත පදනම් වෙලා ඇල්සයිමර් රෝගයට එරෙහිව“සිල්ඩෙනෆිල්” ලබා ගැනීමට මම නම් උනන්දු වෙන්නේ නැහැ.
ඊඊක් පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා
(Nawaliya)