ලබන සදුදා සිට ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සුරාසැල් විවෘත නොකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වනවා.
ගොවි විශ‍්‍රාම වැටුප්ලාභීන් හා ධීවර විශ‍්‍රාම වැටුප්ලාභීන්ටද රජය මගින් ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව මැයි මසට ද ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති නීතිඥ පේ‍්‍රචන්ද්‍ර ඈපා පැවසුවේ ඊට සුදුසුකම් ලබන අයට තමන්ට නියමිත තැපැල් කාර්යාල මගින් එම මුදල ලබාගැනීමට හැකි බවයි. ඒ, ලබන 11 වන දින සිට 15 වන දින දක්වායි.
ලබන 11 වැනිදා සාමාන්‍ය කටයුතු සඳහා රට විවෘත කිරීමට අදාළ නව තීන්දු තීරණ ඇතුළත් ගැසට් නිවේදනයක් හෙට (09 වැනිදා) නිකුත් කිරීමට නියමිතය.
පවතින තත්ත්වය හමුවේ රක්‍ෂණ ඔප්පු හිමියන්ට සිය වාරික ගෙවීමේදී සහන කාලයක් ලබාදීමට ශී‍්‍ර ලංකා රක්‍ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය පුත්‍රයා එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා තම තනතුර අවභාවිතා කර ඇති බවට මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වීමත් සමඟ උද්ගත වී ඇති ආන්දෝලනාත්මක තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට තීරණය කර තිබේ.
ලබන සතියේ සිට රට තුළ ඇති සෑම පෞද්ගලික ආයතනයක්ම සෞඛ්‍ය උපදෙස් වලට මුල් තැන දෙමින් විවෘත කොට පවත්වාගෙන යාමට, කොරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසයෙන් මෙරට වැඩබිම් ආරක්ෂා කර ගැනීම සඳහා නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත් කෙරුණු විශේෂ ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක කමිටුව එකඟතාව පළ කළේය.
ශ්‍රී ලංකාව කොවිඩ් 19 පැරදවූ ආකාරය ලියනා දිනෙක එහි මුලින්ම ලිවිය යුත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
එළඹෙන මහ මැතිවරණය සඳහා නිල වාහන සහ නිල නිවාස භාවිත කරන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් රුපියල් ලක්‍ෂයක බැගින් අය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.
වැලි ඇතුළු ඛනිජ ප්‍රවාහනය සඳහා පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව වැලි ප්‍රවාහනය කරන වාහනයේ අංකය සහ වැලි ප්‍රවාහනය කරන ගමනාන්තය අයත් පොලිස් බල ප්‍රදේශයේ ප්‍රවාහන බලපත්‍රයේ අනිවාර්යෙන් සඳහන් කිරීම අවශ්‍ය නොවන බවයි භූ විද්‍යා සමීක්ෂණ මහා පතල් කාර්යාංශය පවසන්නේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සංගමය රුපියල් මිලියන 2.8ක පරිත්‍යාගයක් COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පසුගියදා පිළිගැන්වීය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ඊට එක් විය.
The Government has warned that no one should be laid off from their employment despite the crisis in the country.
The United States Federal Registry run by the National Archive and Records Administration has published President Gotabaya Rajapaksa’s name on its quarterly published expatriate list of individuals renouncing United States citizenship.
ලබන සඳුදා (11 වැනිදා) සිට දිවයින පුරා සියලුම තැපැල් කාර්යාල සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.
කිසිදු පෞද්ගලික අංශයේ සේවකයකු රැකියාවලින් ඉවත් නොකිරීමට රජය සහ හාම්පුතුන් අතර සාමුහික එකඟතාවක් ඇතිකරගත් බව කම්කරු සබඳතා අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.
About thirteen Polymerase Chain Reaction (PCR) tests conducted by the laboratories other than the laboratories of the Health Ministry so far had been found to be erroneous, the Association of Government Medical Laboratory Technologists said yesterday.
රැඳවියන් සඳහා නඩු විභාග කිරීම එම බන්ධනාගාර තුළදීම නවීන වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිදුකිරීමට මේ වනවිට අවධානය යොමුව ඇතැයි ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා පවසනවා.
The Buddhists in Sri Lanka, together with fellow Buddhist brethren the world over, celebrate the Vesak, their supreme religious festival, with much religious
fervor and enthusiasm. Since ancient times, it has been the practice to spend the period of Vesak indulging in religious observances with the fervent veneration of the Buddha.
Page 507 of 637