Tuesday, July 01, 2025
Follow Us
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය යතුරු පැදි ලබා දීමට කඩිනම් වැඩපිළිවෙලක්

කොවිඩ් -19 ව්‍යාප්තිය අඩපණ කිරීම සඳහා විශිෂ්ට මෙහෙවරක් ඉටුකල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ යතුරුපැදි ලබාදීම සඳහා මේ දිනවල ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇත.

ලෝක බැංකු සහන ණය ව්‍යාපෘතියක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. කොවිඩ් -19 නිවාරණය පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කල වැඩසටහන් වල වියදම් ප්‍රතිපුරණය කිරීමත් ඉදිරි නිවාරණ සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීමත් මේ යටතේ සිදුකෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී තිබෙන උපදෙස් අනුව ඉදිරි කාලයේදී කඩිනමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි ලබා දීම සඳහා මේ වන විටත් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ “කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ” අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

රට සාමාන්‍යකරණයට කෙමෙන් පත්වීමත් සමගම 2020 ජූලි මස අවසන් සතිය වන විට යතුරුපැදි අවශ්‍ය සියලුම ප්‍රමාණයම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලබාදීමට හැකිවනු ඇතැයි වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විශ්වාසය පල කරයි.

(News.lk)