Tuesday, July 01, 2025
Follow Us
මහ මැතිවරණයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්දය

කොවිඩ්-19 ට අදාළ රාජකාරි කටයුතුවල නිරත සියලු සෙෳඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පහසුකම ලබාදීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.

කොවිඩ්-19 නව කොරෝනා වයිරසය පාලනය කිරීමේ කටයුතුවල නිරත සෙෳඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ මැතිවරණ රාජකාරිවලට යොදාගැනීමට නියමිත සෙෳඛ්‍ය කාර්ය මණ්ඩලවලට (මහජන සෙෳඛ්‍ය පරීක්ෂකවරුන්) තැපැල් ඡන්ද පහසුකම සැපයේ. එමෙන්ම,දුර බැහැර ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන පිහිටා ඇති, එදිනම රාජකාරියට වාර්තා කළයුතු සෙෳඛ්‍ය ක්ෂේත්‍රයේ රාජකාරි කරන පිරිසට තැපැල් ඡන්ද පහසුකම ලබාදීම පිළිබඳවද මැතිවරණ කොමිසමේ අවධානය යොමුවී තිබේ.

(Aruna)