Sunday, February 08, 2026
Follow Us
අද රටටම ඇඳිරි නීතිය - පොලිස් මාර්ග බාධක සහ මුර සංචාර වැඩි කෙරේ

දිවයිනටම බලැපැවැත්වෙන පරිදි අද (31) දිනය පුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ හෙට (01) සිට 03 වැනි බදාදා දක්වා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ රාතී‍්‍ර 10.00 සිට පසුදා අලූයම 04.00 දක්වා පමණක් බවයි.

04 වන බ‍්‍රහස්පතින්දා සහ පොසොන් පොහොය යෙදී ඇති 05 වන සිකුරාදා යන දෙදින තුළ දිවයිනටම කි‍්‍රයාත්මක වන පරිදි ඇඳිරි නීතිය යළි පැනවෙනු ඇති.

අද දිනය තුළ දිවයින පුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක බැවින් සියලූ දිස්ති‍්‍රක්කවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම හැර අනෙකුත් ගමනාගමන කටයුතු තහනම් බවයි පොලීසිය පැවසුවේ. ඇඳීරි නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද දිනයේ මාර්ග බාධක සහ ජංගම මුර සංචාර ද කි‍්‍රයාත්මක බව පොලීසිය සඳහන් කළා.

(Neth)