Saturday, May 18, 2024
Follow Us
තොණ්ඩමන්ගේ ඉල්ලීම් ඉටුකරන බව අගමැති කියයි

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ඉල්ලීම් ඉටුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ හැටන් නෝර්වුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගනයේදී සිදුකෙරුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අවමංගල්‍ය උත්සවය පැවැත්වුණේ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි.

එහිදී අදහස් දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වීමට පැය කිහිපයකට පෙර ද තමන් හමුවී වතුකරයේ ජනතා ප්‍රශ්න ගැන සාකච්ඡා කළ බවයි.

එනිසාම අභාවප්‍රාප්ත වු දාට පසු දිනම ඒ මහතා විසින් සිදු කළ ඉල්ලීම් සියල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඒ පිළිබඳ සාකච්ඡා කළ බව ඒ අගමැතිවරයා පැවසීය.

(Lanka LEads)