Sunday, February 08, 2026
Follow Us
පොසොන් පෝයෙන් පසු ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ අවධානය

ඉදිරි සතියේදීත් බාහිර සමාජයෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම සාමාන්‍ය තත්ත්වයට පත්වුවහොත් පොසොන් පොහොයෙන් පසු දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් වීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ පැවසීය.

ඒ අනුව රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා දැනට පනවන ඇඳිරි නීතිය හා ඉරිදා දිනයන්ට පනවන ඇඳිරි නීතියද ඉවත් වීම කෙරෙහි අවධානය යොමුව ඇත.

කොරෝනා සමග ජීවත් වෙමින් රට සාමාන්‍යකරණය වීම නිසා මෙම තීන්දුව ගැනීමට නියමිතය.

ඒ අනුව ලබන ජුනි 04 හා 05 දෙදින රටපුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර ජුනි 06 සෙනසුරාදා සිට සුපුරුදු පරිදි රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

(Lanka LEads)