විසිහතර පැයක් තුල අනුවක් ඉක්මවන කෝවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනා ගැනීම සමග උද්ගත වී ඇති අවදානම් සහගත තත්වය යටතේ වසංගතය රට පුරා පැතිර තිබීමේ අවදානම බැහැර කළ නොහැකි බවට
සෞඛ්‍ය බලධාරීන් මෙන්ම වෘත්තිය සමිති නායකයන් ද බිය පළකර සිටිති.
දිවුලපිටියෙ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ ආශ්‍රිතයෙකු මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති බවට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.
වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇදිරි නීථිය පනවා ඇත.
යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේ පවුල් දෙකකට අයත් පුද්ගලයන් 20 කට ආසන්න පිරිසක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ බළධාරීන් පවසනවා.
At least 950 people, who had maintained direct and indirect contacts with the female garment factory worker who tested positive for Covid-19 from the Divulapitiya area yesterday, have been so far identified, Public Health Inspectors Union of Sri Lanka (PHIUSL) said.
කොවිඩ් අසාදිත කාන්තාව වාර්තා වීමත් සමග බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල අද නිරීක්ෂණ චාර්කාවකට එක්වුණා.
කෝවිඩ්-19 වයිරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට හා පොලිසියට කරුණු සඟවන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Another 69 people including factory workers have tested positive for Covid-19 from Minuwangoda area after the female garment factory worker tested positive for the virus from Divulapitiya yesterday, Army Commander Shavendra Silva.
The airport and port authorities yesterday decided to restrain the entry of employees from Divulapitiya and Minuwangoda areas until further notice whilst banning outsiders to do duty-free shopping at the Bandaranaike International Airport.
මොණරාගල ප්‍රදේශයට පැමිණ මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයේදී හෙළිවී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.
දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම සහ ඊට සම්බන්ධ තත්වයන් පිළිබඳවඅද දින (04.10.2020) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිනිය සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යන මහත්වරුන් විසින් අදහස් දක්වන ලදී.
ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙක් යම් උණ රෝගයකින් පෙළෙන්නේ නම් වහාම ලඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරික්ෂණයකට යොමු වන ලෙස වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා දැනුම් දී ඇත.
සබරගමු විශ්ව විද්‍යලයේ සිසුන් විසිදෙනෙකු පි.සි.ආර්.පරික්ෂණ සදහා යොමු කිරිමට සෞඛ්‍ය බලධාරීන් අද (05) තීරණය කර ඇත.
ඊයේ (04) දිනයේදී කොරෝනා වෛරස් ආසාදිතයකු වශයෙන් හඳුනාගත් කාන්තාවගේ දියණිය හැර පවුලේ අනෙකුත් සාමාජිකයින්ට එම වෛරසය ආසාදනය වී නොමැති බව පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
දිවුලපිටිය පදිංචි කොරෝනා ආසාදිත ඇඟලුම් සේවිකාවගේ 16 හැවිරිදි දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට ඊයේ දිනයේදී තහවුරුවූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියගේ පාසලේ ඉගෙනුම ලබන සියලුම සිසු සිසුවියන්ට තමන්ගේ නිවෙස් තුලටම වී සිටින ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබෙනවා.
පෞද්ගලික සහ ලංගම බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහන කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම බස් සේවකයන්ට දැනුම් දී තිබේ.
කොවිඩ් ආසාදිත කාන්තාව හඳුනා ගත් පසු දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පුද්ගලයින් 430කට වැඩි පිරිසක් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
Page 532 of 744