Thursday, February 12, 2026
Follow Us
අමු මාළු කන්න එපා – රෝග ගණනාවක් හැදෙනවා – වෛද්‍ය පාදෙණිය

මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මාළුන්ගේ සම තුළ බැක්ටීරියාවන් සහ ක්ෂුද්‍ර ජීවී වර්ග ආහාර ජීර්ණ පද්ධතියට දැඩි ලෙස හානි කළ හැකි බවයි.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා මාළුවෙකු අමුවෙන් ආහාර ගැනීම මෙරට දරු පරපුරට නරක පූර්වාදර්ශයක් බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සදහන් කරයි.

මාළු ආහාරයට ගන්නේ නම් අනිවාර්යයෙන්ම හොදින් සෝදා පිරිසිදු කර පිසගෙන ආහාරයට ගන්නා ලෙස වෛද්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මාළු අමුවෙන් ආහාරයට ගැනීම මනුෂ්‍ය ශරීරයට අහිතකර බවද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පෙන්වා දෙයි.


(Lanka Leads)