Wednesday, November 11, 2026
Follow Us
බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ ගමනාගමනය යළි විවෘතයි

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර හයේ කණුව අසල ප්‍රදේශය ගමනාගමන කටයුතු සඳහා යළි විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අදාළ ප්‍රදේශයට අද (11) රාත්‍රී 7.50ට පමණ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන අතර එය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගැනීමෙන් පසු මෙම මාර්ගය විවෘත කර තිබේ.