Saturday, November 15, 2025
Follow Us
මොරටුවේ කොරෝනා ආසාදිතයින් 165ක් දක්වා ඉහළට

​17 වැනිදා (ඊයේ) වන විට මොරටුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 165ක් වාර්තා වී ඇතැයි මොරටුව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම ආසාදිතයන් අතරින් මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ප්‍රදේශයන් හි 114 දෙනෙක්ද, එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ප්‍රදේශයන්හි 50 ක් ද, මේ වන විට වාර්තා වන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු සඳහන් කරති.

මෙම ආසාදිතයන් අතරින් අඟුලාන සයුරුපුර නිවාස සංකීර්ණයෙන් ආසාදිතයන් 39 දෙනෙක්ද, අඟුලාන ප්‍රදේශයේ අනෙකුත් ප්‍රදේශයන්වල ආසාදිතයන් 30 දෙනකු හඳුනාගෙන ඇත. තවත් කොවිඩ් ආසාදිත 14 දෙනකු (16 වැනිදා) මොරටුව ප්‍රදේශයෙන් වාර්තා විය.

අඟුලාන උතුර හා දකුණ ග්‍රාම සේවක වසම් පසුගියදා (9 දා) සිට මේ දක්වා හුදකලා කර ඇත. අඟුලාන, කොරළවැල්ල, එගොඩඋයන, වෙරළබඩ ප්‍රදේශයන්හි ආසාදිතයන් වැඩි වශයෙන් හමු වන අතර, වැඩි දෙනකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයන් වන හෙයින් ඉදිරියේදී කොවිඩ් ආසාදිත සහ ඒ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

(Aruna)