Saturday, November 15, 2025
Follow Us
කොළඹ නගර සභා බල ප්‍රදේශය කොවිඩ්19 දැඩි අවදානම් කලාපයක්- ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරන ආකාරයට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ මේ වන විට කොරෝනා අධි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි පැවසේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව අනාවරණය කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් “අද වන විට කොවිඩ්19 වෛරසය යම්කිසි පාලනයක තිබෙනවා. නමුත් කොළඹ මහ නගර සභා කලපය සහ බස්නාහිර පළාතම තවමත් අධික අවදානම් තත්ත්වයක පවතිනවා.සමාජය තුළින් කොවිඩ්19 වෛරස ආසාදිතයන් වාර්තා වන අතරම බස්නාහිර පළාතේ විවිධ ආයතන තුළින් ද ආසාදිතයන් වාර්තා වනවා. මෙම තත්වය පාලනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවනවා.” යැයි ඔහු සඳහන් කළේය.

(Lanka LEads)