Saturday, November 15, 2025
Follow Us
රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සඳහා සෞඛ්‍ය බළධාරීන්ගේ අනුමැතිය හිමි වෙයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනා ගැනීමට ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ (රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්) සිදු කිරීම සඳහා අවසරය හිමිව තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී සුදත් සමරවීර මහතා පවසන්නේ මෙම පරීක්ෂණ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතිය හිමිව ඇති බවයි.

ඒ අනුව අද දිනයේ සිටම ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ ආරම්භ කරන බවද සමරවීර මහතා පවසනවා.

පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වන කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත කරන රෝගීන්ටද පළමුව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බවයි සුදත් සමරවීර මහතා පවසන්නේ.

මීට අමතරව සැකසහිත මෘතදේහ සඳහාද පළමුව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට තීරණය කර ඇති අතර ඉන් වෛසරය ආසාදනය වී ඇති තහවුරු වුවහොත් පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

(LNW)