Saturday, November 15, 2025
Follow Us
කොරෝනා මරණ 61ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 61 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ පුද්ගල මරණ 03 ක් ඊයේ දිනයේදී වාර්තාවීමත් සමගයි.
එලෙස මියගිය පිරිස අතරට මොරටුව ප‍්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 84ක කාන්තාවක් අයත්. ඇය සිය නිවසේදීම මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගය සමග නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීමයි.

මියගිය අනෙක් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ 10 පදිංචිව සිටි 70 වන වියෙහි පසුවූ පුද්ගලයෙක් වනවා. නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ෂෘ්‍ය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අතරතුර එම පුද්ගලයා මියගොස් ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත වකුගඩු රෝගයෙන් සහ ආඝාතයෙන් පීඩාවිඳි අතරතුර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීමයි.

ඊයේ වාර්තා වූ 03 වන කොරෝනා මරණය ලෙස කොළඹ 13 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 75 වන වියෙහි පසුවූ පුද්ගලයෙකුගේ මියයාම වාර්තා වනවා. එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම මියගොස් සිටි බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔහුගේ මරණයට හේතුව කොරෝනා වෛරසයේ ආසාදනය හමුවේ දියවැඩියාව සහ සංජානනීය හෘදරෝගය උත්සන්නවීම බව ද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

(Neth)