රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දක්වන සංඛ්‍යාලේඛන වලට අනුව ඊයේ වන විට කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 66 දෙනෙකු මිය ගොස් තිබේ. ඊයේ දිනයේදි කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මරණ පහක් සිදුව තිබේ.
මිය ගිය අය කොළඹ 10, කිරුලපන, දෙමටගොඩ, කොළඹ 02 යන කොළඹ මහ නගර කලාපය තුළ පදිංචි පුද්ගලයන් වන අතර එක් පුද්ගලයෙකු රත්මලාන පදිංචිකරුවෙකු වේ. රත්මලාන, කිරුලපන සහ දෙමටගොඩ යන ප්‍රදේශ වලින් වාර්තාවූ කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් වූ මරණ ඔවුන් පදිංචිව සිටි නිවෙස් වලම සිදුව ඇති අතර මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවා වැලිකන්ද රෝහලේදී කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් රුධිර පීඩනය ඉහළ යාමෙන් මරණය සිදුවූ නිදන්ගත රුධිර පීඩනයෙන් පෙළුනු 66වන වියේ පසුවූ පිරිමි රෝගියෙකි.
කොළඹ ජාතික රෝහලේදී මියගිය 81 හැවිරිදි කාන්තාව කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් හේතුවෙන් ඇතිවූ නියුමෝනියා තත්වය බලපා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මිය ගිය අයගෙන් තිදෙනෙකුම කාන්තාවන් වන අතර දෙදෙනෙකු පිරිමි අයවේ. මිය ගිය අය වයස් අනුව අවුරුදු 65 ,අවුරුදු69,අවුරුදු71,අවුරුදු 81,සහ අවුරුදු 82 යන වයස් වල පසු වූවන් බව පැවසේ.
මිය ගිය අය දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වලින් පීඩා විඳි අය බවද කියවේ.
(Lanka LEads)