PCR පරීක්ෂණ වාර්තා නිකුත්වීම ප්‍රමාද වීමෙන් කොවිඩ් මර්ධන මෙහෙයුම් වලට බලපෑමක් එල්ල වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ නිවැරදි දත්ත ප්‍රමාද වීම හේතුවෙන් බිම් මට්ටමේ සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීම හා ඒ වෙනුවෙන් සැලසුම් සකස් කිරීම පවා අපහසු වී ඇති බවයි.
The public have been urged to stay away from tourists after the country was placed on heightened alert for the new variant of the coronavirus.
The President instructed to commence the Oxford–AstraZeneca Covishield vaccines from Western Province (WP) today, Army Commander Gen. Shavendra Silva said.
රෝගීන් දෙදෙනෙකුගෙන් කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් සොයාගෙන ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරනවා.
බන්ධනාගාර නිලධාරීන්ට හෙට (16) සිට කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (14) දිනයේදී ද මරණ 07ක් සිදුව තිබේ.
විදේශීය දේශපාලන පක්ෂයක් මෙරට ලියාපදිංචි කිරීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා පැවැසුවේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන 18 වැනිදා පැය 18ක ජල කප්පාදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
The travel bubble now includes some hotels in Colombo to mainly cater to business travellers, Daily Mirror learns.
කොවිඩ් ආසාදිත මරණ 06ක් ඊයේ (15) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මුත්තයියා මුරලිදරන් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් පරිපාලකයන් ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන රීට් පෙත්සමට අදාලව මාර්තු 15 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ ක්‍රිකට් ආයතනයේ බළධාරීන්ට නොතීසි නිකුත් කර තිබෙනවා. අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුණ ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය නිකුත් කළේය.
කොවිඩ් වෛරසය ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදුන් බව, සෞඛ්‍ය ලේකම්වරයා විසින් පත්කළ විද්වත් කමිටුවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පවසනවා. කරුණු 07 ක් මත කොවිඩ් මරණ භූමදානය කිරීම සඳහා අවසර ලබාදුන් බවයි මහාචාර්යවරිය, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී පවසා තිබෙන්නේ.
The coronavirus vaccine does not assure 100 percent protection from the virus, health authorities warned.
මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 75,600 ඉක්මවා තිබුණද තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 6,561 දෙනෙකු පමණක් බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඊයේ දිනයේ කොරෝනා මරණ 07ක් වාර්තා වුවද එම මරණ දින 03ක් තුළ සිදු වූ ඒවා බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගතවූ පැය 24 ක කාළසීමාව තුළ මගී ගුවන් යානා 19 ක මෙහෙයුම් කටයුතු සිදු කර තිබෙනවා. ඒ අනුව ගුවන් මගීන් 1,308 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සිදුකර ඇති බවයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ.
The isolation order in Weyangalla East (818) and Weyangalla West (818 A) Grama Niladari Divisions of the Kalutara District has been lifted with immediate effect, head of the National Operation Centre for Prevention of COVID-19 Outbreak Army Commander General Shavendra Silva said.
බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා නව ප්‍රභේදය මෙරට තුළද ව්‍යාප්ත වීමේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව අධ්‍යයනය කරන බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු කියා සිටියේ මේ සතියේදී ඒ සම්බන්ධයෙන් විශේෂ තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවයි.
අදියර කිහිපයක් යටතේ සියලු විශ්ව විද්‍යාල සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කර ඇත්තේ මේ පිළිබඳ යෝජනාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවකි.
Page 487 of 767