පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් අද(21) පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් විසින් මරාගෙන මැරීම සඳහා කාන්තාවන් 15 දෙනෙකු පුහුණු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.
එහිදී පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේ,මාවනැල්ල ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් තරුණියගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි.
එහිදී මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා පවසා සිටියේ කාන්තාවන් 15 දෙනාගෙන් 5 දෙනෙකු පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සයින්දමර්දුහි සිදුවූ පිපිරීමෙන් මියගොස් ඇති බව අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව ඇති බවත් අනෙක් සියලුදෙනා මේ වන විට බන්ධනාගාරගතව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ සිටින බවත්ය.
(Lanka Leads)