Sunday, September 21, 2025
Follow Us
ඇස් කන්නාඩි පළඳින්නන්ට කොවිඩ් වැළදෙනවා අඩුයි

ඇස් කන්නාඩි නොපළදින පුද්ගලයින්ට සාපේක්ෂව ඇස් කන්නාඩි පළදින පුද්ගලයින්ට කොවිඩ් වැළඳීමේ ප්‍රවනතාවය තුන් ගුණයකින් අඩු බව ඉන්දියානු පර්යේෂකයින් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පරීක්ෂණය සඳහා වයස අවුරුදු 10-80 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයින් 304 දෙනෙකු යොදා ගෙන ඇත.

මෙම පර්යේෂණය සඳහා සහභාගී වූ පුද්ගලයින් ගෙන් වෛරසය ආසාදනය නොවූ පිරිස 19%ක් වන අතර ඔවුන් දෛනිකව ඇස් කණ්නාඩි පැළදීම සිදුකරන පුද්ගලයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කන්නාඩි නොපලදින පුද්ගලයින්ට සාපේක්ෂව දෛනිකව පැය 08කට අධික කාලයක් ඇස් කන්නාඩි පළදින පුද්ගලයින්ට කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවස්ථාව 3-4 වාරයක් අවම බවයි පර්යේෂකයින් පෙන්වා දී තිබේ.

සෑම මනුෂ්‍යයෙකුම පැයකට 23 වරක් තම මුහුණ ස්පර්ශ කරන අතර තෙවරක් ඇස් ස්පර්ශ කරන අතරදීර්ඝ කාලීනව ඇස් කන්නාඩි පළදින පුද්ගලයින් නිරන්තරයෙන් මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වැලකීම හේතුවෙන් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය විමේ අඩු ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බවයි විද්‍යාඥයින් සඳහන් කරයි.

මෙම වෛරසයේ ව්‍යාප්තිය ඇරඹීමත් සමග “ඇස්” හරහා කොවිඩ් වෛරසය මිනිසාට සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක් ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවා සිටියේය.

(Aruna)