කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් ලක්ෂයක් අද වන විට මෙරටට රැගෙන විත් ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඉන් බහුතරය මැද පෙරදිග කලාපයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් බවයි.
ඊයේ දිනයේ දී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 519 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 122 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ කොටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 14ක්, පාදුක්ක සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින් ආසාදිතයින් 10 දෙනා බැගින් වාර්තා වුණා. මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 85 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 දෙනෙකු වාර්තා වී ඇති අතර ගම්පහ ආසාදිතයින්ගෙන් 21ක් දෙනෙකු කඩවත ප්‍රදේශයෙන් ද සහ තවත් 20 දෙනෙකු මිගමුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ නිරෝධායන රෙගුලාසී කඩකරන පුද්ගලයින් සොයා තවදුරටත් වැටලීම් සිදු කරන බවයි.
මේ අතර ඊයේ දිනයේදී මෙරට ඡක්‍ඍ පරීක්ෂණ 12,936ක් සිදුකර තිබෙනවා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 79,999ක්. රෝහල් ගතව සිටින පිරිස 5,255ක් වන අතර සුවය ලැබූ පිරිස 74,299ක් වනවා. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 445ක්.
(Neth)