Sunday, September 21, 2025
Follow Us
ආගමික නායකයින්ටත් කොවිඩ් එන්නත

භික්ෂූන් වහන්සේ ඇතුළුව අනෙකුත් ආගමික නායකයින්ට ද කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට තීරණය කර ඇත. අද (20) දිනයේ සිට එන්නත ලබාදීම ආරම්භ කර තිබේ.

පූජ්‍ය පක්ෂයට කඩිනමින් එන්නත් ලබා දීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී තිබුණි.

මේ අනුව දිවයිනම ආවරණය වන පරිදි සියලුම භික්ෂුන් වහන්සේ ඇතුළු අනෙකුත් සියලු ආගමික නායකයින්ට එන්නත ලබාදීමට නියමිත අතර හෙට (21) දිනයේ බදුල්ල දිස්ත්‍රිකයේ භික්ෂුන් වහන්සේ සඳහා කොවිඩ් එන්නත ලබා දීම සිදුවනු ඇති.

(Aruna)