Monday, February 09, 2026
Follow Us
මාරාන්තික දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගනී

වඩාත් වේගයෙන් පැතිර යා හැකි මාරාන්තික දෙමුහුන් (හයිබ්‍රිඩ්) කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හමුව තිබේ.

එක්සත් රාජධානියෙන් පළමුවරට හමුවූ වේගවත් කොවිඩ් විකෘති ප්‍රභේදය සහ කැලිෆෝනියාවෙන් හඳුනාගත් තවත් කොවිඩ් ප්‍රභේදයක් හා එක් වී මෙම මාරාන්තික නව කොවිඩ් වෛරසය සෑදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

මෙතෙක් සොයාගත් අතිශයින්ම භයානක මාරාන්තික වෛරස ප්‍රභේදය මෙය වන අතර වෛරස මාදිලි දෙකක් එක් වී තැනුණ තනි කොවිඩ් වෛරසයක් සොයාගත් මුල්ම අවස්ථාවද මෙයයි.

වෛරස ප්‍රභේද ද්විත්වයේ ජාන එකිනෙක මිශ්‍රවීමෙන් මෙසේ නව දෙමුහුන් ප්‍රභේදය හටගෙන ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි.

මෙම නව ප්‍රභේදයේ විශේෂත්වය වනුයේ වඩාත් වේගයෙන් ව්‍යාප්තවීමට ඇති හැකියාවයි.

කැලිෆෝනියාවේ වෛරස ආසාදිතයෙකුගෙන් ලබාගත් සාම්පලයකින් මෙම වෛරස ප්‍රභේදය හඳුනාගෙන ඇති අතර එම වෛරසය එන්නත් සඳහා ද අඩු ප්‍රතිචාර දක්වන බව විශේඥයින් පවසයි.

වෛරසය මෙතෙක් සමාජය තුල පැතිර ගොස් නොමැති බවට විද්‍යාඥයන් විශ්වාස කරන අතර එම වෛරසය යම් හෙයකින් පැතිර ගිය හොත් වඩාත් අසීරු තත්වයකට ලෝකයට මුහුණ දීමට සිදු වන බවට විද්‍යාඥයන් අන්තුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(Aruna)