Sunday, September 21, 2025
Follow Us
විදෙස් රැකියා සඳහා ගොස් විවිධ හිරිහැර වලට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී, එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර හා පීඩා වලට ලක් වී, යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත අද පැමිණියා. ඒ, විදේශ ගත වී, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේයි.

මෙම පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. මෙසේ පැමිණ සිටි වැඩි පිරිසක් එරට ගෘහ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවන්. කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස, පසුව නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණා.

(Neth)