Sunday, November 16, 2025
Follow Us
Social and Equity

තවත් කොරෝනා මරණ 02 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

Social and Equity

New Year’s Eve parties and large events are banned as a result of the coronavirus.

Social and Equity

පසුගිය ඔක්තෝම්බර් මස 04 වනදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වූ නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 14,107 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 397 දෙනා සමගින්.

Social and Equity

වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂරය ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Social and Equity

දේශීය කොවිඩ් මර්දන ඖෂධ විද්‍යාත්මක පදනමක් මත තහවුරු කරගන්නා තුරු ඒවා පිළිබඳ අනවශ්‍ය විශ්වාසයක් තබා කටයුතු කිරීමෙන් ඉතාම භයානක ප්‍රතිඵල අත්විය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු හඟවයි.

Social and Equity

මෙරට කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා මාලදිවයින විසින් සූදානම් බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

Social and Equity

මාදිවෙල - බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අද අගමැති ප්‍රධනත්වයෙන් ජනතා අයිතියට
* ඇවිදින මංතීරුව, පාපැදි මංතීරු දෙකක්, ළමා උද්‍යානයක්, එළිමහන් ව්‍යායාම් ප්‍රදේශයක් ජනතා අයිතියට

Social and Equity

කොවිඩ් – 19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කොන්ක්‍රීට් යෙදූ සිමෙන්ති වළක සිදුකළ හැකි බවට යෝජනාවක් මීළඟ කොවිඩ් තාක්ෂණික කමිටුවට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.

Social and Equity

එළඹෙන උත්සව සමයේදී පවා හුදෙකලා කිරීම් හෝ සංචරණ සීමා යටතේ තවදුරටත් ජීවත් වන්නේදැයි තීරණය කිරීමේ වැඩි වගකීම ජනතාව සතු බව යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නත්තල් සමය ඉලක්ක කර ගනිමින් ලබන 21 වනදායි ආරම්භ වන සතියේදී මීගමුව ප‍්‍රමුඛ ගම්පහ දිස්ත‍්‍රික්කයේ මෙන්ම ජනතාව වැඩි වශයෙන් ගැවසෙතැයි අපේක්ෂිත ප‍්‍රදේශ වල හුදෙකලා කිරීමක් හෝ ඇඳීරි නීතිය පැනවීමක් සිදු කරනු ඇතැයි ඉකුත් දින වල වාර්තා පල වුණා.

Social and Equity

කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කොළඹ අයි ඞී එච් රෝහලට මාරු කර තිබෙනවා. මරණ දඬුවම නියම වීමෙන් පසු ඔහු රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනීමත් සමඟ ඔහු ප‍්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත යොමු කෙරුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

Social and Equity

The health authorities of the Colombo Municipal Council started antibody testing of people in collaboration with the Medical Faculty of Sri Jayewardenepura Universities to check on herd immunity against COVID-19, an official said yesterday.

Social and Equity

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 149 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ වාර්තා වූ තවත් කොරෝනා මරණ 02 ක් සමගින්. එලෙස මියගොස් ඇති එක් පුද්ගලයෙකු කොළඹ 15 ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මුල්ලේරියාව මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. අනෙක් පුද්ගලයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Social and Equity

කොවිඩ් 19 වෛරසය සදහා නිපදවු ෆයිසර් බයෝටෙක් එන්නත පළමුවෙන් ලබාගත් කිහිප දෙනා අතර බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් මහතා සිටින බව වාර්තා වෙයි.

Social and Equity

වවුනියාවේ, සාලම්බකුලම් ගම්මානයෙන් ආසාදිත කාන්තාවක් සහ කුඩා දරුවකු හඳුනාගැනීමත් සමඟ ගම්මානය හුදකලා කර ඇති බව වාර්තා වනවා. නැවත දැනුම්දෙන තුරු හුදකලා බව ක්‍රියාත්මක කරන බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරනවා.

Social and Equity

කොරෝනා දෙවන රැල්ල ආරම්භවීමත් සමග තාවකාලිකව වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ලබන අගහරුවාදා සිට යළි විවෘත කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ තොග වෙළඳාම සඳහා පමණක් පළමුව වෙළඳ සංකීර්ණය විවෘත වන බවයි.

Social and Equity

කොවිඩ් අවදානම හමුවේ යාපනය උඩුවිල් සහ තෙලිප්පලෙයි යන අධ්‍යාපන කලාප දෙකෙහි පිහිටි සියලු පාසල් අද (14) සිට වසා දමා ඇත. එම පාසල් නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ උතුරු පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය සඳහන් කරනවා.

Social and Equity

රක්වාන උක්වත්ත ප්‍රදේශයේ සංචරණ සිමාවන් පනවා ඇති බව ගොඩකවෙල ප්‍රදේශිය සභාව සඳහන් කරනවා. මෙලෙස සංචරණ සිමාවන් පනවා තිබීම තාවකාලිකව ඊයේ (12) රාත්‍රී 10යේ සිට ක්‍රියාත්මක කර ඇති බවත් ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බංඩාර මහතා සඳහන් කර තිබේ.

Social and Equity

වැලිමැස්සාගෙන් ව්‍යාප්ත වන ලිස්මනයිසිස් නම් චර්ම රෝගයට ගොදුරු වූ රෝගීන් 500දෙනකු පමණ හමුවී ඇතැයි වාර්තා වේ.