Tuesday, July 08, 2025
Follow Us
ජල සම්පාදන සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වෙයි

ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත.

ජලසම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැදවුම්කරු උපාලි රත්නායක මහතා පැවසුවේ ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන්ට වසර තුනකට වරක් ලබාදෙන වැටුප් වර්ධක මෙතෙක් ලබා නොදීම හේතුවෙන් බවයි.

නව වැටුප් වැඩිවීම පසුගිය ජනවාරි මස සිට ලැබිය යුතුව තිබුණ ද, එය ලබාදීමට පරිපාලනය කටයුතු නොකළ බව රත්නායක මහතා පැවසීය.

වැටුප් විෂමතා ගැටළු විසදා ගැනීම සහ සේවා ව්‍යවස්ථාවෙ අසාධාරණය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ජලසම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)